අයවැය වැඩි ඡන්ද 37කින් සම්මතයි..! සජිත් විමල් ඩලස් අනුර එරෙහි වෙති…!

November 22, 2022 at 6:41 pm | by emanisa.lk

2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 37 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පස්වරුවේ සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 84 ක් පමණි.

තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂයේ නායක සී.වී විග්නේෂ්වරන් පනතට ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඩලස් පිළ, විමල් වීරවංශ ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ දී සභාගර්භයේ නොසිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *