අයවැය දෙවන වර කියවීම 2/3 සම්මතයි! රිෂාඩ් අසනීප අතර ප්‍රේමලාල් ගෙනාවයි විපක්ෂයේ විරෝධය!

November 21, 2020 at 6:06 pm | by emanisa.lk

2021 අයවැය විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ජන්ද 99 කින් සම්මත විය. මෙහි දී පක්ෂව ජන්ද 151 සහ විපක්ෂව ජන්ද 52ක් ලැබිණි.

ජන්ද විමසීම සිදුවන අවස්ථාවේ දී රිෂාඩ් බදුර්දීන් සභාවට නොපැමිණ සිටීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් විමසා සිටියේ ය.

එහිදී කථානායකවරයා කියා සිටියේ රිෂාඩ් බදුර්දීන් තමන්ට අසනීප වීම හේතුවෙන් පැමිණීමට නොහැකි බව දන්වා ඇති බවයි. මෙහි දී ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ඒම සම්බන්ධයෙන් විපක්ෂය දිගින් දිගටම සිය විරෝධය පළකර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස