අපේ මීටිංවල දැන් සෙනග නැත්තේ ඡන්දේ නැති නිසයි…! – අනුර…

April 2, 2023 at 12:43 pm | by emanisa.lk

මාර්තු 09 වෙනිදා මැතිවරණයක් පැවැත්වේ යැයි බලාපොරොත්තුවෙන් තමන් වේගයෙන් දේශපාලන කටයුතුවල නිරත වූ බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

එකල ජනතාවගෙන් ද තම නිවසේ, ගමේ සහ පළාතේ මැතිවරණ රැලි පවත්වන ලෙස දරාගත නොහැකි තරම් ඉල්ලීිම් පැමිණි බවයි, ජාජබ නායකයා සඳහන් කළේ.

කෙසේ වුව ද මැතිවරණය නොපැවැත්වෙන බව තහවුරු වන විට එම උද්‍යෝගය යම් ප්‍රමාණයකට යටපත්ව ඇතැයි අනුර දිසානායක ප්‍රකාශ කළේය. කෙසේ වුව ද සිය ජනරැලි වටා එකතු වන දහස් ගණන් ජනතාව තහවුරු කරන්නේ මෙය හති වට්ටා පරාජය කළ නොහැකි ජනතා නැගිටීමක් බව යැයි ද හෙතෙම කීය.

පොදු සමාජයේ ස්වභාවය එය බවත් එය හැම විට ම දේශපාලන ක්‍රියාකාරකම් සඳහා එකතු නොවන බවත් ඔහු වැඩි දුරටත් කීවේ, මාලිමාව කොළොන්නාව ජනරැලියට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *