අපේ ආණ්ඩුව යටතේ හැමදාම සමෘද්ධිය දෙන්නේ නෑ…! – අනුර…

February 1, 2023 at 12:38 pm | by emanisa.lk

ග්‍රාමීය ආර්ථිකය නැංවීම සඳහා 1994 වසරේ සිට අවුරුදු 29ක් තිස්සේ ක්‍රියාත්මක වන බව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක පවසයි.

එහෙත් තවමත් සමෘද්ධිය ලබා ගන්නා පවුල් ලක්ෂ 15ක් සිටින බවයි, අනුර දිසානායක හෙළි කළේ.

පාලකයින් ග්‍රාමීය ආර්ථිකය දියුණු කරන බව කීවත් එය සිදු නොකරන බවටත් සමෘද්ධිය යොදා ගෙන ජනතාවගේ ඡන්දය ලබා ගන්නා බවටත් හෙතෙම චෝදනා කරයි.

සමෘද්ධිය, සිමෙන්ති කොට්ට, ටකරං යොදා ගෙන රටේ යාචක ආර්ථිකයක් නැතහොත් හිඟන ආර්ථිකයක් බිහි කොට ඇති බව ද හෙතෙම කීය.

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ කෙටි කලකට සහනාධාර ලබා දෙන බවත් ඒ කාලය තුළ ජනතාව ආර්ථිකය දියුණු කරගත යුතු බවත් අනුර දිසානායක අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *