අපි 2015 මහින්ද පරාද කළා! මේ පාරත් දාන ඕනම අපේකෂකයෙක් පරාද කරනවා! 50% ගන්න දෙන්නේ නෑමයි!- රනිල් අගමැති කරන්න පාර්ලිමේන්තුවේ දිව ගිය විජිත දිවුරා කියයි..

March 22, 2019 at 1:29 pm | by admin

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී කිසිම අපේක්ෂකයෙකුට 50% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට තම පක්ෂය ඉඩ ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

ඒ සඳහා වන තීරණාත්මක තුරුම්පුව ඇත්තේ තම පක්ෂය සතුව බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ නුවරඑළියේ පැවති එම පක්ෂ ජනහමුවක් අමතමිනි.

2015දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති පරාජය කරවූ ආකාරයෙන්ම මෙවර ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන් ද පරාජය කිරීමට තම පක්ෂය දැඩිව කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇති අතර වසර 71 ක්ම මෙරට පාලනය කළ කිසිදු පාලකයෙකුට රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් නොතිබූ බවත් රට ගොඩනගන වැඩපිළිවෙළක් ඇත්තේ තම පක්ෂයට පමණක් බවත් පැවසීය.

එසේම තම පක්ෂයට බලය ලබාදෙන්නේ නම් වසර පහකින් රට ගොඩනඟා පෙන්වන බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස