අපි රනිල් ගැන හිතූ හැටි වැරදියි…! එතුමා තරම් හොඳ නායකයෙක් තව නෑ…! – අලී සබ්‍රී…

April 11, 2023 at 8:04 pm | by emanisa.lk

රට ගොඩනඟන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නේ නම් අනුර දිසානායකට වුව ද සහයෝගය ලබා දීමට කටයුතු කළ යුතු බව විදේශ අමාත්‍ය අලී සබ්‍රී පවසයි.

“මම සාමාන්‍යයෙන් කඳවුර අත ඇරලා යන කෙනෙක් නෙවෙයි. මම එතුමත් එක්ක වැඩ කරල නැහැ. දිගින් දිගටම වැඩ කරේ එතුමට විරුද්ධව. ප්‍රථම වතාවට තමයි මම එතුමත් එක්ක වැඩකරන්නේ පහුගිය මාස 8 හෝ 10 කාලය තුළ.

නමුත් වැඩ කරනකොට මට පේනවා අපි තුළ එතුමා පිළිබඳ තිබුණේ වැරදි අවබෝධයක් කියන එක. එතුමාට පුළුල් අවබෝධයක් තියෙනවා ආර්ථිකය පිළිබදව, විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව, පරිපාලනය පිළිබඳව හා ජාතික ආරක්ෂාව පිළිබඳව.

සමහරු කියනවා ඉස්සෙල්ලා හය වතාවක් අගමැති වෙලා කරන්න බැරිවුණු දේ දැන් කොහොමද කරන්නේ කියලා. එතන තමයි වැරැද්ද. ජනාධිපති නොවේ නම් කාටහරි දෙවැනි වෙන්නේ. එතකොට ඔබට උඩින් කවුරුහරි ඉන්නවා. ඔබ කරන දෙය ඔහුට පුළුවන් වෙනස් කරන්න. ඒ හින්ද තමයි හැමෝම දකින්නේ අගමැති රනිල්ගෙයි ජනාධිපති රනිල්ගෙයි විශාල වෙනසක්.

විවේචනය කරන එක තරම් ලේසි දෙයක් ලෝකෙ තවත් නෑ. විවේචනය කරනකොට අපි ඉල්ලන්නේ විකල්පය මොකක්ද. වඩා හොඳ විකල්පයක් තියෙනවා නම් රටක් වශයෙන් මම හිතනවා ඒක ඉදිරිපත් කරන්න කැමති නම් අනුර කුමාර දිසානායකට වුණත් අපි උදව් කරන්න ඕන. නමුත් කෝ ඒ වැඩපිළිවෙළ? පෙන්නන්නකෝ ඒ වැඩපිළිවෙළ?

හැමෝම වියදම වැඩි කරන්න වැඩි කරන්න ඕන කියලා කියනවා. කොහෙන්ද ආදායම? ඒ ආදායම සපයා ගන්නා ක්‍රමවේදය ඉතාමත්ම අමිහිරියි. අපහසුයි. ඒකට ලොකු ශක්තියක් තියෙන්නට ඕනේ. හැකියාවක් තියෙන්නට ඕනේ. පොතපත කියවලා තියෙන්නට ඕනේ. දැනුම තියෙන්න ඕනේ. එවැනි දැනුමක් තියෙන කෙනෙක්, macroeconomic picture එක පිළිබඳව දැනුමක් තියෙන. මට පේන්නේ නැහැ වෙන කවුරුවත් එතුමා ඇරෙන්න.”

අමාත්‍ය අලී සබ්‍රී මේ බව ප්‍රකාශ කළේ, දෙරණ 360 වැඩසයහනට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *