අපි පන්සල් යන්නේ මහින්ද යන නිසා නෙමෙයි…! පන්සල් නොයා බැරි නිසයි…! – තිස්ස….

July 3, 2021 at 8:20 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබල සන්ධානයක් ලෙස විපක්ෂය ඒකරාශී කිරීමට කටයුතු කරන අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

ඊට එක්සත් ජාතික පක්ෂයට ද දායකත්වය ලබාදිය හැකි බව ඔහු ප්‍රකාශ කරයි.

“සමගි ජන බලවේගය විහාරස්ථාන සමඟ ගනුදෙනු කරන්නේ කිසිවකු අනුකරණය කිරීමට නොවේ. අපේ රටේ කිසිවකුට පන්සල පල්ලිය කෝවිල අමතක කර ගමනක් යා නොහැකියි.

සමගි ජන බලවේගය සදහම් යාත්‍රා වැඩපිළිවෙළ ක්‍රියාත්මක තියෙන්නෙත් ඒ අනුවයි. අපේ ගමන පන්සල පල්ලිය කෝවිල ආදී සියලු ආගමික ස්ථාන කේන්ද්‍ර කරගෙන ගමනක් යමින් සිටිනවා.”

අමරපුර මහා නිකායේ චූල ගන්ධි පාර්ශ්වයේ අනු නායක රදාවඩුන්නේ අස්සජි නා හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් දංඕවිට දී ඊයේ (02) මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *