අපි කිව්වේ බොරු! චීන ආයෝජන ගත්තේ රටේ යටිතල පහසුකම් නංවාළීමටයි! – රවී කරුණානායක (video)

February 13, 2019 at 4:47 pm | by admin

ලංකාවේ චීන ආයෝජන වැඩි ප්‍රමාණයක් යෙදවූයේ ප්‍රවාහනය, විදුලිය හා බලශක්ති ක්ෂේත්‍රවල බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ අතරින් කොළඹ ෆයිනෑන්ෂල් සිටි හෙවත් පෝර්ට් සිටි නගරය ඉදි කිරීම ඉතාම වැදගත් බව ඔහු අවධාරණය කරයි. එසේම චීන භාෂාව කතා කරන 25000ක බලකායක් බිහි කිරීමේ සැලැස්මක් පිළිබඳව ද ඇමතිවරයා සඳහන් කළේය.

කෙසේ වුවද පසුගිය ජනාධිපතිවරණ සමයේ එවක විපක්ෂයේ සිටි එජාපය මෙන්ම ජවිපෙ ද රට චීන කොලනියක් කරන බවට මෙන්ම හොරකම් කිරීම සඳහා ණය ගන්නා බවටත් චෝදනා කළේය. පරිසරය වනසන පෝර්ට්සිටිය නවතා දමන බවට සපථ කළේය. රටේ යටිතල පහසුකම් ගණයෙහිලා සැලකෙන මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය දැඩිව දෝෂ දර්ශනයට ලක් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *