අපි එකතු වෙලා වරායට කෝටි ගාණක පාඩුවක් සිද්ධ කළා..! – වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය…

March 1, 2023 at 7:27 pm | by emanisa.lk

ආණ්ඩුව පනවා ඇති අත්‍යවශ්‍ය සේවා නියෝග කඩමින් තමන් වර්ජනයෙහි නිරත වන බව වරාය වෘත්තීය සමිති එ්කාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ පවසයි.

තමන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වෙත අවතීර්ණ වූයේ ජීවත් විය නොහැකි නිසා බව ද හෙතෙම අවධාරණය කරයි.

අද දවසේ නෞකා අටක් වරායට පිවිසීමට සහ කිහිපයක් නික්ම යන්නට තිබුණ ද සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා ඊට දැඩි බලපෑම් එල්ල වූ බව ගොරකානගේ පෙන්වා දෙයි.

ඒ පිළිබඳ අදාළ නෞකා ගෙන්වූ ව්‍යාපාරිකයින්ට සහ සමාගම්වලට සිය කනගාටුව පළ කරන බවත් වරාය වෘත්තීය සමිති 40ක් සේවකයින් 9000ක් සමග දියත් කළ වර්ජනය නිසා අද දවසේ කෝටි ගණනක පාඩුවක් වරායට සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

නිරෝෂන් ගොරකානගේ මේ බව සඳහන් කළේ, අද (01) කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *