අනුර රජ වෙන්න ඕන නම් සේපාලගේ කට වහපන්…! හාමුදුරුවරු මරා දාපු අතීතයට වැළලෙන්න දීපන්…! – රාජාංගනේ හිමි…

January 6, 2023 at 12:12 pm | by emanisa.lk

සේපාල අමරසිංහ උතුම් දළදාව පිළිබඳ සිදුකළ ප්‍රකාශය වෙන රටක කළේ නම් ඇඟේ ඇටයක්වත් ඉතිරි නොවන බව රාජාංගනේ සද්ධාරතන හිමි පවසයි.

ලබ්බක් කිව යුත්තේ දළදා හාමුදුරුවන්ට නොව උඹ වගේ එකෙක් හැදූ උඹේ තාත්තාට යැයි ද එහිමියෝ කියති.

සේපාල් අමරසිංහ මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටින බවත් බලයට එන්න උවමනා නම් බුදු දහමට නින්දා නොකරන ලෙස ඔහුට දැනුම් දෙන්නැයි අනුර දිසානායකගෙන් ඉල්ලා සිටින බවත් රාජාංගනේ හිමි සඳහන් කරයි.

හොර කල්ලි දෙකට එරෙහිව අනුර දිසානායක රටේ නායකත්වයට පත්වීමට තමා එරෙහි නොවුණ ද භික්ෂූන් වහන්සේලාට වෙඩි තැබූ ගිනි තැබූ මරා දැමූ අඳුර අතීතය නිසා බෞද්ධයින් ජවිපෙට වෛර කරන බව ද එහිමියෝ ප්‍රකාශ කළහ.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් රාජාංගනේ සද්ධාරතන හිමි මේ බව සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *