අනුර ඇටවූ හොර පාස්පෝට් නඩුවෙන් විමල් නිදහස්…!

April 1, 2024 at 7:34 pm | by emanisa.lk

2015 වසරේ අවලංගු ගුවන්ගමන් බලපත්‍රයක් භාවිත කළේ යැයි පැවරූ නඩුවකින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කිරීමට මීගමුව අධිකරණය නියෝග කොට තිබේ.

ඇමැතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය අක්‍රීය වී ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් දැනුම් දුන් විට ඊට පසුදින ම නව ගුවන් බලපත්‍රයක් ලබා ගැනීමට ඔහු කටයුතු කර තිබිණි.

කෙසේ වුව ද වීසා සහිත පැරණි ගුවන් ගමන් බලපත්‍රය සහ නව ගුවන් බලපත්‍රය රැගෙන ගුවන්තොටුපළට පැමිණි විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කර තිබිණි.

මෙම නඩුව පවරා තිබුණේ එවක යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටු ප්‍රධානී අනුර දිසානායක සහ ඔහුගේ ලේකම්වරයා බවට විමල් වීරංවශ චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *