අනුන් කළ වරදකට මට කෝටි 10ක් ගෙවන්න වෙලා…! අනේ පුළුවන් අය කීය කීය හරි දෙන්න..! – මෛත්‍රී…

March 27, 2023 at 2:45 pm | by emanisa.lk

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා තමා කටයුතු කරමින් සිටින විට පාස්කු ප්‍රහාරය එල්ල වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඒ නිසා තමන් නැත්තට ම නැති වූ බවත් කෝටි 10ක වන්දියක් ගෙවීමට සිදුව ඇති බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

මෙලෙස වන්දියක් ගෙවීමට සිදුව ඇත්තේ තමන් නොව තමන් පත් කළ නිලධාරීන් සිදුකළ වැරදි නිසා බව නඩු තීන්දුවේ සඳහන්ව ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.

මේ දිනවල අදාළ වන්දිය ගෙවීම සඳහා මුදල් එකතු කරන බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා, ඒ සඳහා කීය කීය හරි ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.

ඉදිරි මාස තුන ඇතුළත අදාළ වන්දි මුදල ලබා නොදුනහොත් තමන්ට කවර දඬුවමකට යටත් වන්නට වේ දැයි නොදන්න බව ද මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.

ඊයේ (26) අම්බලන්ගොඩ පැවැති ශ්‍රීලනිප ජන හමුවකට එකතු වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *