පාස්කු වින්දිතයන්ට අරාබියෙන් දුන් ඩොලර් මිලියන පහේ වන්දියත් හොරා කාල ද?… විජේදාසගෙන් ජනපති ලේකම්ට ලිපියක්…

December 24, 2020 at 8:02 am | by emanisa.lk

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ගෙවීම සඳහා ලෝක මුස්ලිම් සංවිධානය රජයට ලබා දුන් රු. කෝටි 92ක පමණ මුදලට සිදුවූයේ කුමක් දැයි පැහැදිලි කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යවා තිබේ.

අදාළ මුදල පාස්කු වින්දිතයින්ගේ සුභසාධනය සඳහා ලැබී නොමැති බවත් එහෙයින් ඊට සිදු වූයේ කුමක් දැයි දැනගත යුතු බවත් එහි සඳහන් වෙයි.

2019 වසරේ ජුලි මස ලෝක මුස්ලිම් සංවිධානය ජාතික සාම සමුළුව නමින් නෙලුම් පොකුණේ පැවැත් වූ උත්සව අවස්ථාවේ දී එහි ලේකම් ආචාර්ය ෂෙයික් මොහොමඩ් පාස්කු ප්‍රහාර වින්දිතයන් වෙනුවෙන් ඩොලර් මිලියන 05ක් ලබා දෙන බව ප්‍රකාශ වූ බවත් එම අවස්ථාවට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් එකතු වූ බවත් විජයදාස රාජපක්ෂ සිය ලිපියෙන් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *