අනාගත ජනතා හෘද සාක්ෂිය ගෝඨාගේ වටිනාකම අවබෝධ කරගනු ඇත…! – පොහොට්ටුව…

July 15, 2022 at 12:34 pm | by emanisa.lk

දේශපාලන ලෝකය තුළ බලය ලබා ගැනීමට ප්‍රයත්නය දැරුවත් බලය සහ තනතුරු අතහැරීම සිදුවන්නේ ඉතාම කලාතුරකින් බවත් එම අසීරු තීරණය ගෝඨාභය රාජපක්ෂ ගත් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වූ බව කතානායකවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

එදා මෙදා තුර මෙරට ඉතිහාසයේ බලය අතහැර තනතුරෙන් නික්ම ගොස් නැත. එය දුෂ්කර තිරණයකි.

තිස් වසරක බිහිසුණු ත්‍රස්තවාදය අවසන් කර මව්බිමට සාමය දිනාදීම සඳහා තීරණාත්මක කාර්ය බාරයක් ඉටුකළ විශිෂ්ඨත්වයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්ව මාස තුනක් ගත වන්නටත් පෙර කෝවිඩ් වසංගතයෙන් රට වැසියන්ගේ ජීවිත බේරා ගැනීමේ සංකීර්ණ අභියෝගයට මුහුණ දීමට සිදු විය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කෝවිඩ් වසංගතය විධිමත්ව කළමනාකරණය කිරීමට සමත් වූ බව ජාත්‍යාන්තරය පවා පිළිගෙන තිබූ බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විරෝධයක් මතු වන්නේ දිගුකාලීන හේතු මත ඇති වූ ඩොලර් අර්බුදය නිසා බවත් එහි සඳහන් අතර අනාගත මිනිසුන්ගේ හෘද සාක්ෂිය තුළින් ඔබ වැනි අවංක මිනිසෙකුගේ වටිනාකම පිළිබඳ සංවාදයක් ඇති වනු ඇති බව ද එහි සඳහන් වෙයි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස