අද රටේ වඩාත් අකාර්යක්ෂම ආයතනය මුදල් අමාත්‍යංශයයි! මුදල් අමාත්‍යංශය මෝඩයන් අතට පත්වීම රටේ අභාග්‍යයක්! – හිටපු විගණකාධිපති මංගලගේ රෙදි ගලවයි…(video)

June 16, 2019 at 2:34 pm | by emanisa.lk

රජයේ වැඩිම අකාර්යක්ෂමතාවක් සහිත ආයතනය මුදල් අමාත්‍යාංශය බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි. රටේ කිසියම් ප්‍රශ්නයක් ඇති වී මුදල් අමාත්‍යංශ ලොක්කන් පැත්තකට වී සිටින විට රටට ලැබෙන ආදායම මදක් ඉහළ යන බවත් හෙතෙම හෙළි කරයි.

පසුගිය (14) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු විගණකාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මුදල් අමාත්‍යාංශය වැනි වැදගත් ආයතන මෝඩයන්ට පාලනය කිරීමට ඉඩ දීම රටේ අභාග්‍යයක් බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

වර්තමානය වන විට වැඩිපුරම අසාර්ථක ආයතනය මුදල් අමාත්‍යාංශය බවත් අනවශ්‍ය බලාපොරොත්තු මත අඥාන දේශපාන තීරණ නිසා එම ආයතනය මෙම තත්වයට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

රටේ දිනක ආදායම බිලියන 5ක් වන විට වියදම බිලියන 7ක් බව පෙන්වා දුන් හිටපු විගණකාධිපතිවරයා රටේ ආදායම බිලියන දෙකකින් වැඩි කිරීම පවතින තත්ත්වය තුළම කළ හැකි දෙයක් බවත් රටේ ආර්ථිකය පිළිබඳ නිවැරදි දත්ත හෙළිදරව් කළ නිසා තමන්ට 2016 වසරේ විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් වූ බවත් හෙළිදරව් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *