අද කිරි ඕන දරුවෙකුට 2050 කිරි දෙනවා කියලා වැඩක් නෑ…! – හිටපු මහ බැංකු අධිපති…

December 12, 2022 at 6:54 pm | by emanisa.lk

වර්තමාන මහ බැංකු අධිපති සහ මුදල් මණ්ඩලය මාස 07ක් තිස්සේ රුපියල පා වීම පාලනය කරමින් සිටින බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

එය නිවැරදි බවත් එසේ නොවුණේ නම් රුපියල අවප්‍රමාණ වී භාණ්ඩ හා සේවා මිල තවත් ඉහළ යන බවත් හෙතෙම පෙන්වා දෙයි.

එය තමා කරන විට වැරදි වන්නට සහ දැන් නිවැරදි වන්නට හේතු මොනවා දැයි ඔහු විමසන ඔහු ඒ ගැන වෙනම පොතක් ලියන්නට සිදුවනු ඇතැයි ද පවසා සිටී.

දිගුකාලීන ආර්ථික ඉලක්ක රටකට උවමනා වුව ද අද කිරි උවමනා දරුවෙකුට 2050 කිරි ලබා දෙන බව ප්‍රකාශ කිරීමේ අර්ථයක් නැති බවයි, අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *