අතීකාල කප්පාදුවට වෘත්තීය සමිති විරෝධය…!

January 14, 2024 at 7:46 pm | by emanisa.lk

වියදම් අඩු කළ යුත්තේ රාජ්‍ය සේවයේ නොවන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරුන් 05 දෙනෙකු නඩත්තු කිරීම සඳහා රු. කෝටි 1100ක් වෙන් කොට ඇති බවයි.

ණයට තුන්වේල කන මෙරට රාජ්‍ය සේවකයින්ට තවත් පීඩනය එල්ල කරන්නේ නම් ඊට එරෙහිව වැඩ කරන ජනතාව පෙළ ගස්වන බවයි, චන්දන සූරියආරච්චි අවධාරණය කළේ.

ඔහු මෙම අදහස් පළ කළේ රාජ්‍ය සේවක අතීකාල වැටුපට වඩා වැඩි වීම තහනම් කිරීම ඇතුළු රාජ්‍ය වියදම් පාලනය සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයකට විරෝධය පළ කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *