අජිත් පී.ගේ ප්‍රකාශයේ කිසිම සත්‍යයක් නෑ…! කසළ තේ ප්‍රති-අපනයනයට කිසිදු ඉඩක් නෑ….! ආනයනය කරන්නේ විශේෂ තේ පමණයි…! – තේ මණ්ඩල සභාපති…

September 11, 2021 at 11:53 am | by emanisa.lk

තේ ප්‍රති-අපනයනය ඉහළ ගොස් ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව තේ අලෙවි මණ්ඩලය පවසයි.

ආනයනික තේ මෙරට තේ සමග මිශ්‍රකර ප්‍රති-අපනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇති බවට පැතිර යන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සභාපති ජයම්පති මොල්ලිගොඩ ඒ බව සඳහන් කරයි.

මෙරට තේ නිෂ්පාදනයෙන් 90%කට වැඩි ප්‍රමාණයක් සාම්ප්‍රදායික කළු තේවලින් නිෂ්පාදනය කරන බව ඔහු සඳහන් කරයි.

මෙරට තේ නිෂ්පාදනය පසුගිය වසර 05ක කාලය තුළ සාමාන්‍යය ලෙස කැපී පෙනෙන ඉහළ යාමක් සිදුව ඇති බව ද ජයම්පති මොල්ලිගොඩ පෙන්වා දුනි.

80 දශකයේ සිට මෙරටට තේ ආනයනය කර අගය එකතුකර ප්‍රති-අපනයනය සඳහා අවසර ලබා දී ඇති අතර
එහි දී ආනයනය සඳහා අවසර ලබා දී ඇත්තේ විශේෂිත වූ කාණ්ඩවලට අයත් තේ පමණක් බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *