අගමැති වෙලා විසිදාහක් දෙනවා තීරණය කළේ ආර්ථික විශේෂඥ උපදෙස් අරන්!

July 15, 2020 at 12:10 am | by emanisa.lk

ආර්ථික තත්ත්වය යහපත් වන තුරු සෑම පවුලකට විසිදාහක් ලබා දෙන බව තමා සඳහන් කළ ද දස ලක්ෂපතියන්ට, කෝටිපතියන්ට සහ ප්‍රකෝටිපතියන්ට එය නොගෙවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

තමා ගන්නා සෑම තීන්දුවකම ආර්ථික පසුබිමක් ඇති බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස තමා මුලින්ම ප්‍රකාශ කළේ පවුලකට මාසෙකට හැට දහසක් ලබා දෙන ලෙස බව ද සිහිපත් කළේය.

එහෙත් ආණ්ඩුවට එතරම් මුදල් නැතැයි කෑ ගැසූ නිසා තමා මාසිකව විසිදාහක් දෙන ලෙස යෝජනා කළේ යන්තම් කා බී නොමැරී ජීවත් වීම සඳහා බව ද අවධාරණය කළේය.

මෙම මුදල තීරණය කළේ 2016 වසරේ දත්ත සහ සිය ආර්ථික විශේෂඥ උපදෙස් අනුව බව ද හිටපු විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස