අගමැති රනිල් නැඟෙනහිර පර්යන්තය විකුණන්න ගෙනා කැබිනට් පත්‍රිකාව දැන් වලංගු නෑ! – පාඨලී

August 2, 2020 at 11:22 am | by emanisa.lk

යහපාලන ආණ්ඩුව රාජ්‍ය සම්පත් විකුණා දමන්නේ යැයි කෑ මොර දෙමින්  යහපාලන ආණ්ඩුව විකුණා දැමූ හම්බන්තොට වරාය නැවත ලබා ගන්නා බව කියමින් ජනතාවගේ හැඟීම්වලට ආමන්ත්‍රණය කර බලයට පත් වර්තමාන ආණ්ඩුව අද වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට යන්නේ යැයි පාඨලී චම්පක රණවක පවසයි.

සිය ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ගැටළුවක් ද මෙහි ඇතැයි සඳහන් කළ රණවක සිය අගමැතිවරයා කිසිවෙකුගෙන් නොවිමසා මේ සම්බන්ධය තීන්දු ගත් බව ද සඳහන් කළේය. කෙසේ වුවද ඔහු එදා කැබිනට් මණ්ඩලයට දැමූ කැබිනට් පත්‍රිකාවේ වලංගුභාවයක් අද නැතැයි ද පෙන්වා දුන්නේය.

එදා පුත්තලම විදුලි බලාගාරය රාජපක්ෂ විකුණා දැමීමට යාමේදී එය පරාජය කළ ආකාරයට වරායේ නැඟෙනහිර පර්යන්තය රැකගැනීමට ද තමන් වරාය සේවකයන් සමග කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

වරාය පරිශයේදී (01) ඊයේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *