අගමැති රනිල්ට 70යි! රාත්‍රී උපන් දින සාදය දෙනියායේ සාගලගේ නිවසේ!

March 20, 2019 at 12:51 pm | by admin

අගමැති රනිල් වික‍්‍රමසිංහගේ 70 වෙනි උපන් දිනය මේ මස 24 වෙනි දිනට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් රාත්‍රී සාදයක් අමාත්‍ය සාගල රත්නායකගේ දෙනියාය නිවසේ සංවිධානය කර ඇතැයි එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

මෙම විශේෂ රාත්‍රී භෝජන සංග්‍රය ප්‍රමුඛ උත්සවය සඳහා සීමිත පිරිසකට පමණක් ආරාධනා කර තිබේ. 2015 සිට වසර තුනක් ඇතුළත  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Dell=-414හෙලිකොප්ටර් යානයෙන් අගමැතිවරයා 64 වරක් ඇමති සාගලගේ දෙනියාය නිවසට ගොස් ඇති බව පසුගිය සමයේ හෙළි විය. අගමැති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් 2020 ජනාධිපතිවරණ සටන මෙහෙය වන්නේ ද ඇමති සාගල රත්නායකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *