අගමැති මහින්දගෙන් කෝවිල් 40කට නව රාත්‍රී උත්සවය සඳහා ආධාර!

October 15, 2020 at 6:04 pm | by emanisa.lk

දිවයින පුරා තෝරාගත් හින්දු කෝවිල් 40ක් සඳහා අගමැති මහින්ද රාජපක්ෂ රු. 50000 බැගින් ප්‍රදානය කර තිබේ.

ඒ හින්දු නව රාත්‍රී පූජා කටයුතු සාර්ථක ලෙස ඉටු කිරීම සඳහාය.

මෙම දුෂ්කර සමයෙහි හින්දු ආගමික කටයුතු සාර්ථක කර ගැනීමට ආධාර කිරීම මගින් එම ආගමික සිරිත් විරිත් ආරක්ෂා කර ගැනීම මෙන් ම රටට යහපත ප්‍රාර්ථනා කරන බව ද අගමැතිවරයා එහි දී පැවසීය.

එසේ ම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නිසි ලෙස පිළිපදිමින් මෙම උත්සවය පැවැත්වීමේ වැදගත්කම ද අගමැති මහින්ද රාජපක්ෂ අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස