ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන ලබාදී නැති බව අගමැතිතුමිය ප්‍රකාශ කළත් ආණ්ඩුවේ ඇමතිවරයකු රේන්ජ් රෝවර් රථයක් පාවිච්චි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබා නොදුන් බවට අගමැතිනි හරිනි අමරසූරිය සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙසිනි.
“දසවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදී නැහැ. නමුත් විශේෂ අවශ්‍යතාවක් ලෙස සලකා පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාට KR-5844 දරන මෝටර් රථය ලබා දී තිබෙනවා. නමුත් ඒ වාහනය සඳහා රියදුරෙක් ලබාදී නෑ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් එම වාහනයට ඉන්ධන ලබා දීලත් නැහැ
ඊට ප්‍රතිචාර දක්වමින් චාමර සම්පත් දසනායක මෙසේ ද පැවසීය.
“වාහන මාදිවෙල නිවෙස් වල තිබෙනවා. කැබ් රථ පදිනවා, හැබැයි ඔබතුමිය කියනවා නම් වාහන දීලා නැහැ කියලා හොඳට හොයලා බලන්න. අද කැබ්, රේන්ජ් රෝවර් මාදිවල මන්ත්‍රී නිවාසවල තිබෙනවා’ මම වගකීමෙන් කියනවා. ඇමති වසන්ත සමරසිංහ රේන්ජ්රෝවර් රථයක් පදිනවා. නම කිව්වේ ඇහුව නිසයි. ඒ රථයේ වියදම V8 රථයක වියදමට වඩා වැඩියි.
පසුගිය දා සමාජ මාධ්‍යයේ පළ වී තිබුණා, 1208 දරන වාහනේ ගැන කතාබහක් මේ වාහනය අයත් වන්නේ සංචාරක අමාත්‍යාංශයටයි. සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයා යටතේ එය වෙන්කරගෙන කර ගෙන තිබෙනවා. මේ වාහනය දැන් පාවිච්චි කරන්නේ ඔය ගොල්ලන්ගේ මන්ත්‍රීවරයෙක්. පසුගියදා මේ වාහනේ යොදාගෙන බණ්ඩාරවල පුනාගල වත්තේ වල් ඇද්දා අපි දුටුවා.
අගමැතිතුමිය ඔබතුමිය ප්‍රකාශ කළා කවුරුත් වාහන ඇරගෙන නැහැ කියලා. විටෙක වල් අදින්න යොදාගෙන තිබෙන මෙම වාහනයෙන් මන්ත්‍රීවරයා පස්සර සහ බදුල්ල දිස්ත්‍රික්කයේ රැස්වීම් ගණනාවකට පැමිණ තිබෙනවා. එතුමා බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වාහනය පදිනවා.
ඔහු පූනාගල වත්තේ මේ වාහනයෙන් වල් අදිනවා මේ තියෙන්නේ පූර්ණාගල වත්තට මම ගිහින් ගත්ත පින්තූරයක් නොවේ එය සමාජ මාධ්‍යයේ පළ වූ එකක්.
ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිනි හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ ඒ පිළිබඳ සොයා බලන බවයි.
“මම මේ ගැන හොයලා බලන්නම්. මට ඔබතුමාගෙන් උපදෙස් අවශ්‍ය නැහැ. අපේ පක්ෂය විනයක් තිබෙන පක්ෂයක්. ඒ ගැන ඔබේ උපදෙස් අපට අවශ්‍ය නැහැ
එහි දී හර්ෂණ රාජකරුණා මෙසේ ප්‍රකාශ කළේය.
“අගමැතිතුමිය ඔබේ පිළිතුර නිවැරදි පිළිතුරක් ලෙස අපට භාර ගන්න බැහැ. කවුරු හරි නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ ගේට් එක අසලට යවන්න. ඔබතුමියට පුළුවන් නම් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයට නිලධාරියෙක් යවන්න. පුළුවන්නම් ඒ අය හරහා CCTV පරීක්ෂා කර හෝ ඔබතුමියට දැනගන්න පුළුවන් වෙයි, පසුගියදා ගෝල්පේස් ගාල්කර තිබූ වාහන මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාවිච්චි කරන ආකාරය.”
එහි දී අගමැතිනි හරිනි අමරසූරිය මෙසේ පිළිතුරු ලබා දුන්නාය.
“අපේ මන්ත්‍රීවරුවත් ඇමතිවරුවත් වාහන පාවිච්චි කරනවාට අපේ අකමැත්තක් නැහැ. ඇමතිවරුන් අප සියලු දෙනාම වාහන ලබා ගෙන තිබෙනවා, අපේ නියෝජ්‍ය ඇමැතිවරු ඉන්නවා වාහන නැති අය ඇතැම් අය පුද්ගලික වාහන පාවිච්චි කරනවා.
අපි ප්‍රතිපත්තියක් ලෙස ඇමතිවරුන්ට සහ නියෝජ්‍ය මැතිවරුන්ට වාහන අවශ්‍ය බව තීරණය කර තිබෙනවා. ඒ අනුව අපි කිසිම වෙලාවක වාහන පාවිච්චි කරන එක ප්‍රතික්ෂේප කර නැහැ. නිල වශයෙන් අපට ගත හැකි වාහන අපි පාවිච්චි කරනවා. එතන කිසිදු ප්‍රශ්නයක් නැහැ .
මම වැඩ භාර ගැනීමෙන් පසු මගේ අමාත්‍යාංශය සහ අගමැති කාර්යාලය තුළ ගත වූ මාස තුනක කාලය තුළ ඉන්ධන සඳහා ගිය වියදම විශාල ලෙස අඩු කරගෙන තිබෙනවා. අපි වාහන පාවිච්චි කරන ආකාරය මේ අයට තේරෙන්නේ නැහැ. මම වැඩ භාර ගන්න විට අගමැති කාර්යාලයේ වෙඩි නොව දින වාහන දෙකක්තිබුණා. ඒ වාහන අපි පාවිච්චි කළේ නැහැ. ගෙවුණ කාලය තුළ අපිට රුපියල් මිලියන තිස් හතක් ඉතිරි කිරීමට හැකියාව ලැබුණා.
මේ අනුව අපේ වාහන පාවිච්චිය ගැන මේ අය කියන එක විහිළුවක් මේ ඇමතිවරුන්ගෙන් සහ මන්ත්‍රීවරුන්ගෙන් අහලා බලන්න…ලැජ්ජාවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වාහනයක් සොයන්න අප ගත්ත මහන්සිය. අමාත්‍යාංශවල ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු අපි වාහන පාවිච්චි කරනවා. පුද්ගලික වාහනත් පාවිච්චි කරනවා. එතන ප්‍රශ්නයක් නැහැ. මොකක්ද තියෙන ප්රශ්නය.”