T20 බලන්න ඕස්ට්‍රේලියා ගිය ෂම්මිගේ ලැයිස්තුවේ ඇමැති දියණියොත්..!

July 29, 2023 at 1:37 pm | by emanisa.lk

2022 වසරේ T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ඕස්ට්‍රේලියානු වීසා අයඳුම් කළ පිරිස අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ඥාතීන් දෙදෙනෙකු ද වන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නළු නිළියන් ඇතුළු හිතවතුන් 35 දෙනෙකු සඳහා ඕස්ට්‍රේලියානු වීසා අයඳුම් කර තිබිණි.

මේ අතර සිටින ශනාදි දිනුෂිකා සහ සාරා දිනාලි ක්‍රීඩා ඇමැතිවරයාගේ දියණියන් බව වාර්තා වෙයි.

මෙම පිරිස අතර සිටින බහුතරයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වාගේ හිතවතුන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *