T 56 මැගසින් 03යි උණ්ඩ 58ක් එක්ක රු. 320කට විකුණලා…!

June 1, 2023 at 8:53 am | by emanisa.lk

T 56 මැගසින් 3ක් සහ එම උණ්ඩ 54ක්, ඇතුළු උන්ඩ 58ක්, පරණ යකඩ බඩු මිල දී ගන්නා වෙළඳ සැලකට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ කම්කරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු ඊයේ (30) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, 4 ඇළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි තම යකඩ මිල දී ගන්නා ස්ථානයට පොලිස් රියදුරෙකු සමග පොලිස් ජීප් රථයකින් පැමිණි පුද්ගලයකු යකඩ කිලෝ ග්‍රෑම් 4ක බෑගයක් රුපියල් 320 ක් මුදලකට අලෙවි කර තිබේ.

පසුව එය පරීක්ෂාකර බැලීමේදි එහි වෙඩි උණ්ඩ තිබීම හේතුවෙන් එම බෑගය පොලිස් ස්ථානයට රැගෙන විත් මෙම පැමිණිල්ල සිදු කර තිබූ බව පොලිසිය කියයි.

සැකකාර කම්කරුවා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ අබලි ද්‍රව්‍ය ගොඩ ගසා තිබූ කුටිය තුල තිබී මෙම මල කෑ මැගසින් සහ උණ්ඩ තොගය රැගෙනවිත් තිබූ බව අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *