MJP ජනප්‍රියත්වය ගැන ආණ්ඩුවට අනතුරු ඇඟවීම්..!

December 24, 2023 at 8:41 pm | by emanisa.lk

මව්බිම ජනතා පක්ෂයේ වේගවත් වර්ධනය සහ ජනප්‍රියත්වය සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ ආණ්ඩුවට අනතුරු අඟවා ඇතැයි වාර්තා වෙයි.

ඉහළ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මෙම තත්ත්වය ඉදිරි මැතිවරණවල දී ආණ්ඩුවට බෙහෙවින් අවාසිදායක වනු ඇති බවයි.

එම වාර්තාව මගින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ආණ්ඩුවට නිර්දේශ කළ ද ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *