ITAK පළුවක් සජිත්ගෙන් ගැළවෙයි…? රනිල් සහ ITAK නායකයා අතර හමුවක්…!

September 8, 2024 at 11:24 am | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් සිදුව තිබේ.

සේනාධිරාජා මහතාගේ ආරාධනයක් අනුව යාපනය තෙලිප්පලෙයිහි සේනාධිරාජා මහතාගේ නිවසේදී ඊයේ (7) පස්වරුවේ මෙම හමුව සිදුවිය.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා යාපනයට පැමිණි අතරවාරයේදී ය.

තම නිවසට පැමිණි ජනාධිපතිවරයා මාවෙයි සේනාධිරාජා මහතා විසින් හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබ ඇති අතර ජනපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම හමුවේදී විශේෂ සාකච්ඡාවක් සිදුව තිබේ.

සිය පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා දීමට තීරණය කළ බව එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළ ද පක්ෂ නායක සේනාධිරාජා අනතුරුව ප්‍රකාශ  කළේ එය කිහිප දෙනෙකුගේ උවමනාව මත ගත් තීන්දුවක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *