IMF සාකච්ඡා බොහොම සාර්ථකයි… විදුලි බිල තෙල් මිල වැඩි වෙන්නේ ඒකයි.. ! – නාමල්…

March 13, 2024 at 5:29 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැත්තෙන් හිතන අතර ජනතාව ගැනත් සිතනු ඇතැයි බලාපොරොත්තු වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන සාකච්ඡාවල ප්‍රගතියක් තිබෙන බව අමාත්‍යවරු ප්‍රකාශ කළ ද එම සාකච්ඡාවල ප්‍රතිඵල ලෙස විදුලි බිල වැඩි වීම, තෙල් මිල වැඩිවීම මෙන්ම සැලසුමක් නොමැති පෞද්ගලීකරණ වැඩපිළිවෙළ ද පැමිණ තිබෙන බව පෙනෙන්නට ඇති බවයි, මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කොවිඩ් වසංගතයේ බර ද යහපාලන ආණ්ඩුව සාම්පූර් බලාගාරය ගොඩනොනැඟීමේ බර ද ගෝඨාභය ආණ්ඩුව මත පැටවුණ ද ඒ බර ජනතාවට නොදුන් බවත් බදු බර අඩු කොට ජනතාවට සහන ලබා දුන් බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් කීය.

ගෝඨාභය ආණ්ඩුව උත්සාහ කළේ ජනතාව මත අසීමිත බරක් පටවා විදුලි බල මණ්ඩලය හෝ ඛනිජ තෙල් නීතීගත සංස්ථාව ලාභ ලබන බව පෙන්වීමට නොව ජනතාවට සහන ලබා දෙමින් ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කිරීම සඳහා බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *