IMF විරෝධී ජනමතයෙන් දින්න මාලිමාව IMF එකට පක්ෂපාතී වීම ප්‍රශංසනීයයි…! – රාජිත…

November 24, 2024 at 2:54 pm | by emanisa.lk

IMF යෝජනා අද හොඳ නැති වුව ද එම යෝජනා ක්‍රියාත්මක කොට උදාවන හෙට දවස හොඳ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

එහෙත් මාලිමාව එම යෝජනාවලියට දැඩි ලෙස විරුද්ධ වෙමින් ඊට විරුද්ධව ඡන්දය භාවිත කළ බවත් ඔහු පෙන්වා දෙයි.

අවසානයේ ඊට එරෙහි ජනමතය අතට ගත් මාලිමාව මේ වන විට එම යෝජනාවලිය එලෙස ක්‍රියාත්මක කරන බව සඳහන් කරන බව ද හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

මේ ආකාරයට ප්‍රමාද වී හෝ නිවැරදි මාර්ගයට පැමිණීම පිළිබඳ ජනාධිපතිවරයාට ප්‍රශංසා කරන බව රාජිත සේනාරත්න සඳහන් කරයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජන හමුවකට එකතු වෙමින් රාජිත සේනාරත්න මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *