ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේ ණය වන හෙයින් ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
“IMF ණය ගැන නම් සතුටු වෙන්න පුළුවන් කමක් නම් නැහැ. ඒත් ණය. මේ ණය අපි අරන් දැන් බලන්න ඕනේ මේ ණය යොදාගෙන කොහොමද දේශීය වශයෙන් ආදායම උත්පාදනය කරන්නේ කියලා. අන්න ඒ විදිහට කරගන්න පුළුවන් නම් නැගිටින්න පුළුවන් කමක් ලැබෙයි.
ඒකට රජය හැටියට ප්‍රතිපත්තිමය වශයෙන් කල්පනා කරන්න වෙනවා කොහොමද සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කරන්නේ. කොහොමද අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කරන්නේ. ඒවගේම නව රැකියා ගැන බලන්න වෙනවා. කෘෂිකර්මාන්තය ගැන අවධානයක් යොමුකරන්න වෙනවා. මේ කරණා ටිකට හරියට උත්තර දෙන්න පුළුවන් වුණොත් රටක් විදිහට අපිට නැගිටින්න පුළුවන් වෙයි කියල විශ්වාසයි.”
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (13) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.