IMF ගිවිසුමින් ලංකාවට ඉවත් විය යුතුයි..! – වසන්ත මුදලිගේ….

November 2, 2024 at 2:04 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් විය යුතු බව ජන අරගල සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක වසන්ත මුදලිගේ පවසයි.

අරගලය සමයේ දී දියවන්නාවෙන් පිටත නිර්මාණය වූ මහජන බලය පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීම සඳහා ජන අරගල සන්ධානය මෙවර මහ මැතිවරණයට තරග කරන බව ප්‍රකාශ කරයි.

තව ද බුද්ධාගම හෝ වෙනත් කිසිදු ආගමක් ප්‍රමුඛ විය යුතු නැති බව ද මුදලිගේ අවධාරණය කරයි.

තව ද, අරගලයේදී ගොඩනැගුණු ජනතා බලය රැක ගැනීමට සංවිධානාත්මක ව්‍යුහයක් නොපැවති බවත්, පාර්ලිමේන්තුවේ විපක්ෂය වෙනස් කිරීමෙන් ජනතා අපේක්ෂාවන් නියෝජනය කිරීමට උත්සහ කරන හෙතෙම සඳහන් කරයි.

මාධ්‍ය සාකච්ඡාවක දී වසන්ත මුදලිගේ මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *