බෝර්ඩ් ලෑලි උස්සගෙන කෑගගහ රටක් හදිය නොහැකි බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
තරුණ තරුණියන් එකතු වුවහොත් එහි විශේෂ ශක්තියක් තිබෙන අතර අවශ්‍ය වන්නේ නිවැරදි නායකත්වයක් දීම බව ද ඔහු සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පවසන්නේද 2015 රට තුළ ගෙන ගිය වැඩපිළිවෙළ එලෙසින් ම ඉදිරියට කරගෙන යන ලෙස බවත් එදා සිටි දක්ෂ නිලධාරීන් අදද ජනාධිපතිවරයාගේ සහයට සිටින බවත් රවී කරුණානායක කියා සිටියි.