ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබා දෙන ලෙස පාර්ශ්වයන් වෙතින් තවත් ඩොලර් බිලියන හතක පමණ කඩිනම් ණය ආධාර බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා කීය.
“අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට මාස හයකට වරක් විදුලිබිල ගැලපීමට කටයුතු කරනවා.
උද්ධමන අනුපාතය සියයට 6-4 මට්ටමකට ගෙන ඒමට කටයුතු කරනවා.අයවැය හිඟය පියවා ගැනීමට ණය ගැනීමෙන් පෝරම ආදායම උපදවා ගැනීමට සිදුවෙිවි.”
උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගලපන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.