IMF යුක්‍රේනයට බිලියන 14ක් දුන්නා…ලංකාවට 2.9යි…! අපට සොච්චමක් ලැබුණේ රනිල්ගේ බැරිකම නිසයි..! – සජිත්…

July 1, 2023 at 7:18 pm | by emanisa.lk

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 14ක ආධාරයක් ලබා දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

එහෙත් ශ්‍රී ලංකාවට අවුරුදු හතරටම ලැබෙන්නේ ඩොලර් බිලියන 2.9 ක් වැනි කුඩා මුදලක් බව ද හෙතෙම පවසයි.

ශ්‍රී ලංකාවේ නායකයන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වඩා හොඳ සාකච්ඡාවක් කර විශාල සහනයක් ලබා ගැනීමට නොහැකි වූයේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සඳහා අද (01) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන විවාදයේදී ඔහු මෙම අදහස් පල කළේය.

එවන් හොඳ සාකච්ඡාවක් ලබා ගත්තේ නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අතහැර මෙතරම් කොන්දේසි පටවා ජනතාව පීඩාවට පත් නොකර ඉදිරියට යා හැකිව තිබූ බවත් සජිත් ප්‍රේමදාස තව දුරටත් එහිදී පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *