IMF ගිය කිසිම රටක් ගොඩගියේ නෑ…! ලෙඩේ මැරෙන එක ෂුවර්…! – ටිල්වින්…

April 3, 2023 at 9:54 am | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ගොඩගිය කිසිදු රටක් මේ ලෝකයේ නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

“දැන් මේ යාචකයො ඉන්නෙ හන්දිවල. එහෙම කෙනෙක් අල්ලාගෙන ඇවිල්ලා රැවුල කොණ්ඩෙ කපලා, නාවලා, ෂර්ට් එකක් කලිසමක් අන්දලා, රස්සාවක් දුන්නොත් මොකද කරන්නෙ? රස්සාව කරනවද ? නෑ … පහුවෙනිදා පැනලා ගිහිල්ලා ආපහු හිඟාකනවා. ඇයි ? හිඟාකාලා පුරුදු වුණාම මොන රස්සාව දුන්නත් හිඟා කන්නම හිතෙනවා. විකුණං කාලාම පුරුදු වුණාමත් එහෙමයිනෙ.

දැන් රනිල්ට වෙලා තියෙන්නෙ ඒක. නිෂ්පාදනය කරන්නෙ නෑ, විකුණං කාලාම ජීවත් වෙන්න හදනවා. ඒකට ලේසියට කොහෙටද ගියේ ? දැන් ගියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. දැන් සමහරු හිතන් ඉන්නවා රනිල් IMF ගිහින් රට ගොඩගනියි කියලා. IMF ගිහිල්ලා ගොඩගත්තු කිසිම රටක් ලෝකයේ නෑ. එකම රටක්වත් නෑ.

මෑතකදී ගියා ග්‍රීසිය සහ ආජන්ටිනාව. කොන්දේසි පැනෙව්වා, කොන්දේසි ක්‍රියාත්මක කළා, රටවල් දෙකම හාන්සි. ලංකාව මේ යන්නෙ 17 වෙනි වතාවට. IMF කියන්නෙ දොස්තර කෙනෙක් නම් ඔය දොස්තරගෙන් බෙහෙත් ගන්න 16 වතාවක් ලෙඩා අරන් ගියා. ලෙඩ හොඳවුණේ නෑ, ලෙඩා අසාධ්‍ය වුණා. දැන් 17 වෙනි පාරට යනවා ඒ දොස්තර ගාවටම. දැන් මොකද වෙන්නෙ ? ලෙඩා මළා තමයි ! ෂුවර්. බඩ සුද්ද වෙයි, හැබැයි ලෙඩා මැරෙනවා'”

ටිල්වින් සිල්වා මේ බව පැවසුවේ ඊයේ (02) පැවැති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *