IMF කරන්නේ දූෂිත ආණ්ඩු රකින එක…! ලංකාවට ණය දුන්නේ ඒකයි..! – ටිල්වින් සිල්වා….

March 22, 2023 at 5:11 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හිමි වූ ඩොලර් බිලියන 2.9ක ණය මුදල ශ්‍රී ලාංකිකයින්ගේ ණය බර තවත් වැඩි කිරීමක් පමණක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වූ කිසිදු රටක් දියුණු නොවූ බවයි, ඔහු සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවතින්නේ ජනතාව වෙනුවෙන් නොව දූෂිත ආණ්ඩු වෙනුවෙන් බවට ද ටිල්වින් සිල්වා චෝදනා කළේය.

ආර්ථියක අර්බුදය නිසා සොරකම් කිරීමට නොහැකි වූ මැති ඇමතිවරුන්ට මෙම ණය සමග නව ජීවයක් ලැබෙන බවත් මෙම මුදලින් ව්‍යාපෘති ආරම්භ කිරීමත් සමග සෝමාලියාවට පාන් දැම්මා සේ වහා ම අතුරුදන් වනු ඇති බවත් ටිල්වින් සිල්වා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *