තුන් වන චාල්ස් රජුගේ රාජාභිෂේකය එංගලන්ත වේලාවෙන් පෙරවරු 11:00ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3:30ට) වෙස්ට්මිනිස්ටර් ඇබේහි දේවස්ථානයේ දී පැවැත්වෙයි.
එහි දී රජු චාල්ස් සහ රාජ මෙහෙසිය වන කැමිලා නිල වශයෙන් කිරුළු පළඳීම සිදු වේ.
බීබීසී පුවත් සේවය වාර්තා කළේ, රාජාභිෂේකය දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක් මේ වන විට මධ්‍යම ලන්ඩනයට එක්රොක් වෙමින් සිටින බව ය.
එම දේව මෙහෙය කැන්ටබරි අගරදගුරුතුමා විසින් මෙහෙයවනු ලබන අතර රාජකීය පවුල මෙන් ම ලෝක නායකයින් සහ සම්භාවනීය අමුත්තන් රැසක් ද ඊට සහභාගී වනු ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එම අවස්ථාවට එකතු වන්නට එංගලන්තයට ගොස් තිබේ.