පසුගිය කොරෝනා වසංගත කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් වාර්තා කිරීමේ වරද පිළිගත් තරුණයෙකුට අධිකරණය විසින් අත්හිට වූ සිර දඬුවම් ලබා දෙයි.
ඒ අනුව මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කොට එය වසර 5 කට අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කොරෝනා වසංගත කාලයේ රාජපක්ෂ පවුලේ 548 දෙනකුගේ නිවෙස්වලට නාවික හමුදාවෙන් නොමිලේ ආහාරපාන ලබා දුන් බවට අසත්‍ය පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් තිස්සමහාරාම කාවන්තිස්සපුර පදිංචි තරුණයෙකු මෙසේ වරද පිළිගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.