corona# තවත් ආසාදිතයන් 36කට සුවයි! සුවපත් ප්‍රතිශතය 94% ඉක්මවයි! රෝහලේ 112යි!

July 7, 2020 at 1:25 pm | by emanisa.lk

අද (07) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 36 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1955ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙ වන විට මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වු සංඛ්‍යාව 2078ක් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.

මේ අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයෝ 112 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *