අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ඇතුලු නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනකුට වහා ම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා ද ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ එම තනතුරේ සිට පොලිස් මුලස්ථානයට ස්ථාන මාරුවීම් කර ඇති අතර හිස් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට මාතර හා හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න පත්කර ඇති බව පොලිස් මුලස්ථාන පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ මුල්ලේරියාව, ගොතටුව, පොත්තපිටිය, පල්ලෙවෙල, මොනරාගල, ඇතිමලේ සහ වීරගුල පොලිස් ස්ථානාධිපතිවරුන්ව ද සේවා අවශ්‍යතා මත මාරුකර ඇති බවය.