CCTV මග දඩ ව්‍යාපෘතිය සාර්ථකයි..! පළමු දිනයේ ම 125ක් කොටුවෙයි..!

January 23, 2024 at 12:04 pm | by emanisa.lk

සී.සී.ටී.වී. කැමරා මගින් රථ වාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ඊයේ (22) කොළඹ දී ආරම්භ විය.

ඊයේ දිනය ඇතුළ එමගින් රථවාහන වැරදි 125 ක් හදුනාගත් බවත් එම වාහන හිමිකරුවන් වෙත පළමු අවස්ථාවේ අවවාද කිරීමට කටයුතු කළ බවයි, පොලිස් මුලස්ථානය සඳහන් කළේ.

මෙහිදි හඳුනාගත් වැරදි අතර ප්‍රධාන වශයෙන් තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවැතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීම නිරීක්ෂණය වූ බව පොලිස් දෙපාර්තමේන්තුව පැවසුවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *