BMW එක ගැන කියන්න ගිය ජොන්ස්ටන් අත්අඩංගුවට…!

October 23, 2024 at 3:21 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (23) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇත්තේ හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

තමා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඊයේ (22) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම්දී තිබිණි.

කෙසේ වුවද මේ අතර අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය ද අද වරෙන්තුවක් නිකුත් කර තිබිණි. ඒ අනුව මෙම වරෙන්තුව නිකුත් කිරීම සිදුකෙරුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *