ATM 76 ලක්ෂයේ කොල්ලකරුවන් 07 අත්අඩංගුවට…! 4 දෙනෙක් හොරු අල්ලන්න රට ඉල්ලන රතු පක්ෂයක..!

February 16, 2023 at 8:06 am | by emanisa.lk

පසුගියදා ගම්පොළ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් ගලවා ගෙන ගිය සැකකරුවන් හත් දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් හතර දෙනකු එකම පවුලේ සහෝදරයන් වන අතර සියලු දෙනාම වයස අවුරුදු 24-40 අතර වයසේ පසුවන පුද්ගලයන්ය.

ගලවා ගෙන යන ලද ATM යන්ත්‍රය ද සොයා ගෙන ඇති අතර එහි තිබී කොල්ලකන ලද මුදල් ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.

පසුගිය වසරේ මැයි නව වැනිදා පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රිගේ නිවසට ගිනි තබන අවස්ථාවේ මෙම සැකකරුවන් ඍජුවම ඊට සම්බන්ධ වී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
එම අවස්ථාවේ දී එහිදී පැහැර ගත් ගිනි අවිය සහ උණ්ඩ ද සැකකරුවන් සතුව තිබී සොයාගෙන තිබේ.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් 4 දෙනෙකු මෙරට ප්‍රබල වාමාංශික පක්ෂයක ප්‍රබල ක්‍රියාකාරිකයන් ලෙස කටයුතු කරන අය බවද පොලිසිය කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *