අපි අධ්‍යාපනයට 6%ක් නෙමෙයි, 12%ක්ම වෙන් කළා… මෙහෙම දෙයක් ඉතිහාසෙම වෙලා නෑ…! – අගමැතිනි හරිනි අමරසූරිය….

November 15, 2026 at 11:54 am | by emanisa.lk

ඉතිහාසයේ ප්‍රථම වතාවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රාග්ධනය වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් 2027 වසර සඳහා රුපියල් බිලියන 749 කට අධික මුදලක් වෙන් කර ඇති බව අධ්‍යාපන ඇමතිනි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

එම දැවැන්ත ආයෝජනය සමස්ත රාජ්‍ය වියදමින් සියයට 12 කට වඩා වැඩි ප්‍රමාණයක් බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

2027 අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී විශේෂ කතාවක් සිදු කරමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

රට භාර ගන්නා විට පැවති අර්බුදකාරී තත්ත්වය වෙනස් කර, ස්ථාවර ආර්ථිකයක සිට පරිවර්තනීය ආර්ථිකයක් කරා රට ගෙන යාමට අවශ්‍ය ආයෝජන 2027 අයවැය මගින් ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

2025 වසරේදී සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි වී ඇති බව සඳහන් කළාය.

2022 වසරේදී රුපියල් බිලියන 74.6 ක සමස්ත ශුද්ධ අලාභයක් වාර්තා කළ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 52 ක් අද වන විට ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට රජය සමත්ව ඇති බවද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස