අධ්‍යාපනයට 6%ත් කෙප්පයක් වෙයි… 2027 අයවැයෙන් අධ්‍යාපනයට සියයට 1.91යි… 2026 ලැබුණු අගයත් නෑ…!

November 13, 2026 at 8:20 pm | by emanisa.lk

ජනාධිපති අනුර දිසානායක මහතා 2027 වසර වෙනුවෙන් ඊයේ (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය මගින් අධ්‍යාපනය සඳහා වෙන්කළ මුදල දළ දේශීය නිෂ්පාදනයෙන් 1.91% දක්වා පහත වැටී තිබේ.

එහෙත් අධ්‍යාපනය සඳහා ප්‍රමුඛතාව ලබා දීම සහ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට හයක් අධ්‍යාපනය සඳහා වෙන්කිරීම වර්තමාන ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේ ලබා දුන් ප්‍රධාන පොරොන්දුවකි.

ඒ අනුව පසුගිය වසරේ අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 2.4ක් වෙන්කළද මෙවර එම අගය සියයට 1.91 දක්වා පහත දැමීම බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්ව තිබේ.

වර්තමාන අගමැතිනිය මෙන්ම අධ්‍යාපනය ඇමතිනිය වන ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපනයට සියයට හයක් වෙන්කිරීම වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපාරයේ ප්‍රමුඛ චරිතයකි.

පසුගිය ආණ්ඩු යටතේ 2021 වසරේ අධ්‍යාපනය සඳහා 1.51ක්ද 2022 වසරේ 1.5ක්ද 2023 වසරේ 1.83ක්ද 2024 වසරේ 2.04ක්ද වෙන්කර තිබිණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *