කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, විකිරණ අංශ, ශෛල්‍යාගාර ඇතුළු රෝගී වාට්ටු රැසක්ද ජලයෙන් යට වුණේ, කොළඹ නගර සභාව විසින් නොරිස් ඇළ නිසි පරිදි පිරිසිදු නොකිරීම සහ නඩත්තු නොකිරීම නිසා බව වාර්තා වෙයි.
කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට ඊයේ (06) පස්වරුවේ ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබුණි.
රෝහලට ජලය ගැලීම් නිසා හදිසි අනතුරු අංශයේ විදුලි සෝපාන කිහිපයක්ද අක්‍රීය වීම නිසා රෝගීන් වෙනත් වාට්ටු වෙත යොමු කිරීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලයට දැඩි පරිශ්‍රමයක් දැරීමටද සිදුවිය.
නොරිස් ඇළ දෙපස අනවසර ඉදිකිරීම් සහ වෙළඳසැල්වලින් අවිධිමත් ලෙස ඇළට කසල බැහැර කිරීම වැනි ක්‍රියා හේතුවෙන් මෙම තත්ත්වය මතුවී ඇති බවද වාර්තා වෙයි.