මාලිමා විධායක කමිටුවේ ඉන්නේ කම්බ හොරු…. එතන වෙන හැමදේම මට කීවෙත් ඌ… මං ලක්ෂ ගාණක් සල්ලි දුන්නා… අන්තිමට මගේ ගෙදර ඇඳන් දෙකත් විකුණං කාලා…! – උවිඳුගෙන් ජනපති අනුරට ලිපියක්….

November 4, 2026 at 12:15 pm | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුව ගොඩනැගීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ජනාධිපති අනුර දිසානායක වෙත ලියා සිය ෆේස්බුක් පිටුවෙහි පළකළ ලිපියක් පහත දැක්වෙයි.

අනුර වෙතටයි,
ඊයෙ මට ජාතික ජන බලවේගයේ විධායක කමිටු සභිකයෙක් සහ අපේ ලංකාවෙ දේපලවල ඇටෝනි පවර් ලියල දීපු එකා තර්ජනය කරල වොයිස් මෙසෙජස් දෙකක් තියල තිබ්බ​. මම ඌටත් වොයිස් මෙසේජ් එකක් තිබ්බ​!

ඉස්සෙල්ලම මගේ ගෙදර තිබ්බ අළුත්ම නැදුන් ලීයෙන් *[නිවැරදි කිරීමක්, ඒව නැදුන්‍ නෙමෙයිලු, මිල්ල ලු, ඉතිං ඒ හොරකං කරපු දෙකයි පනහෙ ටිකවත් දාපං] හදපු ඇඳන් හතරෙන් ඌ විකුණල තියෙන ඇඳන් දෙකයි අළුත්ම මෙට්ට දෙකයි ගෙදරට ගෙනත් දාපන්. සල්ලි වංචාකරල තියෙන ඒව පස්සෙ බලාගමු කියල​. මේක මම අනුරටවත් කාටවත් තාම කිව්වෙ නැහැ. ඒ මිනිහට නලින්ද ජයතිස්ස අතේ නොතිබ්බ පළාත් පාලන මැතිවරණයටත් සල්ලි ඇරිය. තිබ්බ පාර්ලිමේන්තු මැතිවරණයටත් ලක්‍ෂ 7ක් හොයල ඇරිය​.

අපේ ගෙදරක කුලියක් මේ ළඟක් වෙනක් දුන්න​. මෝටර් බයික් එකක් අරන් දුන්න​. හාට් ඇටෑක් කිව්වම සල්ලි දුන්න​ උගෙ පුතාටයි දුවටයි සල්ලි දුන්න කොවිඩ් කාලෙ. උගෙ අම්ම මැරුණම සල්ලි දුන්න​ දුවට පුද්ගලික විශ්ව විද්‍යාලයකට යන්න කියල අන්තිමට මචං ඉල්ලන්නෙ, අපහු දෙන්නම් කියල ණයක් විදියට සල්ලි ඉල්ලුව​, ඒකත් මම දුන්න​. ඒව ඔක්කොම ලක්‍ෂ ගණන්.

ඌ තමා ජාතික ජන බල වේගයේ විධායක කමිටුවේ වෙන හැම දේම මට මුල ඉඳන් කිව්වෙ ලියපං ලියපං කියල​. මම ඒ කිසි දෙයක් ලිව්වෙ නැහැ. දැන් ඌ ආණ්ඩුවේ පුදුම සතෙක් වෙලා මට බැන බැන යනවලු තැන තැන​. ඒ අර මටවත් මගේ පවුලෙ අයටවත් මූන දෙන්න බැරිව ඉන්න නිසා.

මගේ පවුලෙ කෙනෙක් මාස කීපයකට ඉස්සෙල්ලා ලංකාවට ගියාම දැන් අපේ ගෙදරක ඉන්න කෙනෙක් බැංකු ගිණුම් පෙන්නපුවම එයත් උඩ ගිහින් බිම වැටුන​. මූ මාර සල්ලි වංචාවක් මට කරල තියෙන්නෙ. ඒ ගෙදරට එවෙලම දයාසිරි ජයසේකරත් ගියා ඇයව සනසන්න​.

ඌව අපේ ගෙදරට ගෙනත් ඇය කතා කරත්දි මූ වමනෙ දාගෙන හාට් ඇටෑක් සීන් එකක් දාල​. ඔක්කොමල බය වෙලා, මූව ඉස්පිරිතාලෙට ඇරල​. නමුත් ඊට දවස් දෙකකට පස්සෙ මූ නුවර ගිහින් මියගිය ලාල් විජේනායක හදපු වමේ කේන්ද්‍රයේ රැස්වීමට හොඳට බීල​, ෆෝන් එක හැමෝටම දි දී උවිඳු ඉන්නව කියල පරණ නුවර අන්කල්ල​, සහෝදරවරුන්ට කතා කරන්න​ දුන්න​! මම ස්ක්‍රීන් ශොට්ස් ගත්ත​.

නමුත් මම පසුව අර ලංකාවට ගියපු මගේ පවුලෙ කෙනාට කිව්ව​, මූ වමනෙ දාගෙන හාට් සීන් දැම්ම නම්, මූ කොහොමද දැන් දවස් දෙකකට පස්සෙ නුවර ගිහින් බීල ආතල් ගන්නෙ කියල​. මෙයා ඊට ඉස්සරත් ගොඩක් රාජ්‍ය මුදල් වංචා කරපු කෙනෙක් කියල මට මියගිය ලාල් සහ තවත් කීපදෙනෙකුම කියල තිබ්බ​. මටත් හොරකම් කරපු එකෙක් ජාතික ජන බලවේගයේ විධායක සභාවෙ ඉන්නව නම් අනිත් උන් ගැන කුමන කතාද​!

මේ කියන එකා මට තියල තියෙන වොයිස් මෙසේජස් උඹට එවන්නම්. මිය ගිය ලාල් විජේනායක​ කිසි දිනක ජාතික ජන බලවේගයේ විධායක කමිටුවේ වෙන ඒව කිව්වෙ නැත​. මූ කිසි ලැජ්ජ බයක් නැතුව කියනව ඒ වොයිස් මෙසේජස් ෆේස්බුක් දාපං කියල​. මම ජනාධිපතිටම එවන්නම් කො ඒව අහගන්න​!
ඌ තාම හිතාගෙන ඉන්නෙ ඌට ඇටෝනිපවර් තියෙනව කියල​. පව් බං ඌ!!!



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස