කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිරස මාධ්‍ය ජාලයට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඔස්සේ රුපියල් මිලියන 104.6ක් ලබාදීම අල්ලසක් බවට ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය චෝදනා කරයි.
ආසියානු විකාශන සංගමයේ 63 වන මහ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා MTV සමාගමට රාජ්‍ය මුදල් ලබා දීම සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ප්‍රශ්න කර තිබේ.
“සිරස/ MTV මාධ්‍ය ආයතනයට මේතරම් මුදලක් දීමට අනුරතුමා ක්‍රියාකිරීම ගැන මහජනයාට පැහැදිලි කිරීමක් ආණ්ඩුව විසින් කළ යුතුය.
ඊයේ රෑ මේ ගැන ආණ්ඩුවේ ලොක්කො කීපදෙනෙකුට පණිවිඩ යවා ඇසුවත්, ඒ පණිවිඩ දැකලත් තාම උත්තරයක් නැත. ආණ්ඩුවට උදව් කිරීම නිසා සිරසට දුන් අල්ලසක් ලෙස සලකා මෙය අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමටත් ඉඩ ඇත.
මෙය කිසිම පාරදෘශ්‍යභාවයක් නැති ගනුදෙනුවකි. සිරටත් මේ ගැන උත්තර දීමට සිදුවනු ඇත. හෙට කැබිනට් මාධ්‍ය හමුවේදී මේ ගැන ප්‍රශ්න කරනු ඇත. පාර්ලිමේන්තුවේදීද මේ ගැන ප්‍රශ්න කරනු ඇත.”
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩලය මෙම තීරණය පරාජයට පත්කර ඇති අතර අනතුරුව ඇමති විජිත හේරත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරමින් අදාළ මුදල සිරස මාධ්‍ය ජාලයට ලබාදී ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.