ජනාධිපති අනුර දිසානායක හෙට (05) කළුතර පවත්වන ජනරැලියට මාතෘකාවක් හදා ගැනීමට අද නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැඳවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.
අසාර්ථක අවුරුදු දෙකක පාලනයෙන් පසු අසරණ වී සිටින ජනාධිපතිවරයාට සිය අසාර්ථකත්වය වසා ගැනීමට දේශපාලන දඩයමට අත ගසා ඇතැයිද ඔහු චෝදනා කරයි.
මෙවැනි කටයුතු හරහා අනුරාධපුර රැස්වීම නතර කළ නොහැකි බවත් ජනාධිපතිවරයාට නාමල් රාජපක්ෂ සිහිපත් නොකර හැකි නම් ජනරැලියක් කරන ලෙස අභියෝග කරන බවත් ඩී.වී. චානක අවධාරණය කරයි.