මම පරම්පරාවෙන්ම හොඳ බෞද්ධයෙක්… පන්සලේමයි හැදුණේ…. අපේ සීයා ධර්මපාලතුමාගේ යාළුවෙක්…! – බුද්ධ ශාසන ඇමති….

October 31, 2026 at 10:59 am | by emanisa.lk

රජය තම ගැඹුරු සංවර්ධන හා සංස්කෘතික ගමන නිවැරදිව ඉදිරියට ගෙන යන බැවින් ඇතැම් පාර්ශ්ව විවිධ කලබල ඇති කිරීමට උත්සාහ කළද ඉන් අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බව බුද්ධශාසන අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පවසයි.

රජය බලයට පත්වූ පසු පෙරහැර ආදී ආගමික උත්සව නතර වනු ඇතැයි ඇතැමුන් පැවසුවද සිදු වූයේ එහි ප්‍රතිවිරුද්ධ දෙය බවත් නතර කර තිබූ පෙරහැර පවා යළි ආරම්භ කිරීමට වත්මන් රජයට හැකි වූ බවත් හෙතෙම අවධාරණය කරයි.

තමන්ගේ බෞද්ධ පසුබිම සම්බන්ධයෙන් මේ වන විට සොයා බැලීම් සිදුකරන බවත් ඒ පිළිබඳව අවශ්‍ය නම් ශ්‍රීමත් අනුනායක හිමියන්ගෙන් විමසිය හැකි බවත් ඔහු සඳහන් කරයි.

”මගේ පන්සලේ චිත්‍ර දෙකක් තියෙනවා අපේ හාමුදුරුවනේ. මම මීට දින දෙකකට කලිනුත් ඒ චිත්‍ර දෙක ගාවට ගියා. එකක් තියෙන්නේ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ගාල්ලට පැමිණීම. අනිත් පින්තූරේ තියෙන්නේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා හිනිදුමට පැමිණීම.

ඒ චිත්‍රයේ ඉන්නවා මහා බෝධි වත්තේ කොන්දොස්තර. මහා බෝධි වත්ත තමයි ධර්මපාලතුමාට බුද්ධගයාව බේරාගන්නා ව්‍යාපාරයට අවශ්‍ය කරන ආර්ථික ශක්තිය සැපැව්වේ. ඒ ධර්මපාලතුමාගේ මිතුරා ඒ කොන්දොස්තර මහත්තයා ලුවීස් කොන්දොස්තර, මගේ මුත්තණ්ඩි.

මම දහම් පාසලේ දීප්තිමත් ශිෂ්‍යයන් අතර හිටපු කෙනෙක්. පන්සලේ තමයි මගේ ජීවිතය වැඩිපුරම ගෙවුණේ. මාපලගම ධම්මසිරි පොඩි හාමුදුරුවෝ නොහිටින්න මම මේ ගමනේ එන්නේ නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස